න්‍යෂ්ටික අවියකින් ගහයිද ?

අගෝ 19, 2024

    න්‍යෂ්ටික අවි භාවිත කිරීම සඳහා යුක්‍රේනය, රුසියාව පො‍ලඹවමින් සිටින බව, බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කො පවසනවා.

    එමගින් රුසියාවේ කීර්ති නාමයට හානි කිරීම යුක්‍රේනයේ අරමුණ බවයි, ඔහු කියා සිටින්නේ.

    යුක්‍රේනය මේ වන විට රුසියාවේ ප්‍රදේශ කිහිපයක බලය තහවුරු කර ගෙන සිටිනවා. එමෙන්ම, ඔවුන් රුසියානු භූමිය තුළ ඇති මූලෝපායික වශයෙන් වැදගත්කමක් ඇති පාලම් සහ අනෙකුත් යටිතල පහසුකම් ද විනාශ කරමින් සිටින බව, වාර්තා වනවා.

    එමෙන්ම, යුක්‍රේන සෙබළුන් රුසියානු, සාමාන්‍ය වැසියන් පැහැර ගනිමින් සිටින බවයි, ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

    මෙවැනි ක්‍රියා නිසා රුසියාව න්‍යෂ්ටික අවි භාවිත කිරීමට පෙළඹුනහොත්, එමගින් ලැබෙන ගෝලීය බලපෑම් හමුවේ අයුතු වාසි ලබා ගැනීම යුක්‍රේනය සහ බටහිර රටවල අරමුණ බවයි, බෙලරූස් ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

    රුසියානු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම සඳහන් කර ඇත්තේ, යුක්‍රේන යුද්ධයේදී න්‍යෂ්ටික අවි භාවිත කිරීම අවශ්‍ය නොවන බවයි.

    Latest News