ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ඇලරික් ලයනල් ප්‍රනාන්දු මහතා දිවි ගමනට සමු දෙයි

අගෝ 12, 2024
    දශක හතරකට වැඩි කාලයක් ශ්‍රී ලාංකිය සිනමාව පෝෂණ කළ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු හා අධ්‍යක්ෂවරයෙකු වන ඇලරික් ලයනල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 82 වන වියේ පසුවුණා.

    1978 වසරේදී අනූපමා සිනමා පටය නිෂ්පාදනය කරමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසී ඇලරික් ලයනල් ප්‍රනාන්දු මහතා අතිශය ජනප්‍රිය වූ ක්‍රිස්තු චරිතය, කිරිසුවඳ,රන්දම්වැල්, මැවිලා පෙනේවි රූපේ, දළුලන ගිනි, සෙනෙහස පෑවා, ආදර පූජාසනේ, සඳ තාරකා චිත්‍රපට නිෂ්පාදනයෙන් සිනමාව පෝෂණය කළේය.
    රන්දම්වැල්, මැවිලා පෙනේවි රූපේ, දළුලන ගිනි, සෙනෙහස පෑවා, ආදර පූජාසනේ හා සඳ තාරකා චිත්‍රපට අධ්‍යක්ෂණයෙන්ද සිනමාව හා බැඳුණු ඇලරික් ලයනල් ප්‍රනාන්දු මහතා නිෂ්පාදනය කළ සෙනෙහස පෑවා, ආදර පූජාසනේ හා සඳ තාරකා යන සිනමාපට ඉදිරියේදී තිරගත වීමට නියමිතය.
    දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් සදහන් කළේ.

    Latest News