අයර්ලන්තයට ඉතිහාසගත ජයක්

අගෝ 17, 2024
    අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හි පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 260ක් රැස් කළා.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ විශ්මි ගුණරත්න ලකුණු 101ක් රැස් කළා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත පන්දුවාර 49යි පන්දු 2ක් තුළ ජයග්‍රාහී සීමාව පසුකර ගියේ කඩුලු 7ක් පමණක් දැවී තිබියදීය.
    ශ්‍රී ලංකාව වෙනුවෙන් කවීෂා දිල්හාරි ලකුණු 54කට කඩුලු 04ක් බිඳහෙළමින් පන්දු යැවීමෙන් දක්ෂතා දැක් වුව ද, සටන්කාමී ඉනිමක් ක්‍රීඩාකළ Orla Prendergast ගේ ඉනිම හේතුවෙන් පරාජය භාරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් අයර්ලන්තයේ සංචාරයක නිතර වන පළමු අවස්ථාව ද මෙයයි.
    එමෙන්ම මෙය අයර්ලන්ත හමුවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් එක්දින තරගයක් පරාජය වූ පළමු අවස්ථාව ද වෙයි.
    මීට පෙර දෙරට අතර (2007-2023) එක්දින ජාත්‍යන්තර තරග 05ක් පවත්වා ඇති අතර එම සියලුම තරග ශ්‍රී ලංකාව ජයගෙන තිබෙනවා.
    Last modified on සෙනසුරාදා, 17 අගෝස්තු 2024 09:10

    Latest News