ජීවිත ලක්ෂ ගණනක් අතරමං කළ නියඟය

අගෝ 18, 2024
    දකුණු අප්‍රිකානු කලාපයට බලපා ඇති නියගය හේ‍තුවෙන් 6 කෝටි 80 ලක්ෂයක ජනතාවක් පිඩාවට පත්ව සිටින බව, ‍විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

    කලාපයේ කෝටි 17කට ආසන්න පිරිසකට සහනාධාර අවශ්‍ය බවටයි හඳුනාගෙන ඇත්තේ.

    එල්නිනෝ තත්වයේ බලපෑමෙන් නියං තත්වය හටගැනුණේ මේ වසරේ මුල් කාර්තුවේ සිටයි.
    ඒ අනුව කාලාපය ආශ්‍රිත මන්දපෝෂණ ගැටලුව සීඝ්‍රයෙන් උත්සන්න වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්වා.
    නියඟය හමුවේ කලාපයේ කෘෂි කර්මාන්තයට එල්ලවී ඇත්තේ දැඩි බලපෑමක්. නියං තත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ සිම්බාබ්වේ, සැම්බියාව සහ මලාවි යන රටවලටයි.
    නියං තත්වයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට කඩිනමින් සහනාධාර සැපයීමේ අවශ්‍යතාව එක්සත් ජාතින්ගේ ලෝක ආහාර වැඩසටහන අවධාරණය කරනවා.

    Latest News