හෙට කැළඹෙන ජපානය - ගුවන් ගමන් 500ක් අවලංගු කෙරේ

අගෝ 15, 2024

    බටහිර පැසිපික් සාගර කලාපයේ ඇම්පිල් සුළි කුණාටුව වර්ධනය වීමත් සමග ජපානයේ දුම්රිය සහ ගුවන් සේවා තාවකාලිකව අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

    හෙට දිනය තුළ ජපානයේ ප්‍රදේශ රැසක් කුණාටුවේ අවදානමට ලක් විය හැකි බව, එරට මාධ්‍ය වාර්තාවල සඳහන්. ජපානයේ ඒකාබද්ධ සුළි කුණාටු ඇගවීම් මධ්‍යස්ථානය පවසන්නේ, පැයට කිලෝමීටර 140 ක පමණ වේගයෙන් සුළු කුණාටුව රට තුළට ඇතුල් විය හැකි බවයි. එය දැනට පළමු කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙසින් පවතින බව ද කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙනවා.

    ඉදිරි පැය 36 තුළ කුණාටුව, තවදුරටත් ශක්තිමත් විය හැකි බවටයි, අනුමාන කෙරෙන්නේ. හෙට දිනයේ සවස් භාගය වන විට ටෝකියෝ නගරයට ගිනි කොණ දෙසින් සුළි කුණාටුව හමා යා හැකි අතර, එය තුන් වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් බවට පත් වීමේ අවදානමක් පවතින බව, වාර්තා වනවා. ජපානයේ හෙනේඩා සහ නරීටා යන ගුවන් තොටුපොළවල ගුවන් ගමන් 500 ක් පමණ මේ වන විට තාවකාලිකව අවලංගු කර තිබෙනවා.

    Latest News