ඔබත් මේ ප්‍රදේශයේද? පරිස්සම්වන්න

අගෝ 17, 2024

    කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති නිසා  ඉදිරි පැය 48 ක් දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පහත් බිම් වලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

    අධික වර්ෂාව සමග හොරණ, කුළුපන, වැලිකල ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වී තිබෙනවා. මේ නිසා පොකුණුවිට, වැලිකල මාර්ගයේ වාහන ධාවනයට බාධා පැමිණ ඇති බවයි,  අප වාර්තාකරු පවසන්නේ.              

    වර්ෂාවත් සමග වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මතුගම පැලවත්ත මාර්ගයේ පැලවත්ත, වැල්මීගොඩ, බඹරැල්ල යන ස්ථාන ජලයෙන් යට වී තිබෙනවා.

     

    Latest News