ඊශ්‍රායල ප්‍රහාරවලට ගොදුරු වූ මිනිස් ජීවිත 40,000 ඉක්මවයි

අගෝ 16, 2024
    ඊශ්‍රායලය, ගාසා තීරයට ඉකුත් වසරේ ඔක්තෝම්බර් 7 වැනිදා සිට එල්ල කළ ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන්‌ ගණන 40,000 ඉක්මවා තිබෙනවා.

    විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී සහ තුවාල ලබා සිටින බවයි.

    මේ අතර, දෙපාර්ශවය අතර සටන් විරාමයක් සඳහා වන සාම සාකච්ඡා කෙරෙහි යළි අවධානය යොමුවි තිබෙනවා.
    ඊශ්‍රායල-ගාසා යුද්ධයෙන් අවම වශයෙන් 40,000 කට වැඩි පිරිසක් මිය ගොස් 92,400 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
    ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලය තුළට කඩාවැදී එල්ල කළ ප්‍රහාරයෙන් 1,139දෙනෙකු මරණයට පත් වූ අතර 200කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපකරුවන් බවට පත් වුණා.
    පසුව ඉන් කිහිප දෙනෙකු නිදහස් කර තිබුණා. ප්‍රාණ ඇපයේ සිටි බොහෝ දෙනෙකු මියගිය බවටයි විශ්වාසය කෙරෙන්නේ.

    Latest News