කමලා හැරිස්ගේ මැතිවරණ ව්‍යාපාරය නව මුහුණුවරකින්

අගෝ 19, 2024
    අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් සිය මැතිවරණ ව්‍යාපාරය වෙනත් මඟකට යොමු කර තිබෙනවා.
    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඇය, පෙන්සිල්වේනියාවේ ඡන්ද සටන ජය ගැනීමට බස් රථ සංචාරයක් ආරම්භ කර ඇති බවයි.
    පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ජය අත් කර ගැනීම ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් දෙදෙනාටම ඉතා වැදගත්.
    කමලා හැරිස්ගේ සටන් සඟයා වන මිනසෝටා ආණ්ඩුකාර ටිම් වොල්ස් ද ඊයේ ඇය සමග මෙම බස් රථ සංචාරයට එක් වුණා.

    Latest News