රාජසන්තක වෙන ඇප මුදල්

අගෝ 12, 2024
    2024 ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා අපේක්ෂකයින් 29 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
    අපේක්ෂකයන් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ලබන බදාදා (14) දහවල් 12.00 ට අවසන් වීමට නියමිතයි.
     
    වැඩිවන සෑම අපේක්ෂකයෙක් සඳහාම රුපියල් මිලියන 200ක් පමණ මුදලක් වැය වන බවයි, මැතිවරන කොමසාරිස්වරයා පවසන්නේ.
     
    1994 වසරේ සිට මේ දක්වා පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීම්වලදී ප්රධාන අපේක්ෂකයින් දෙදෙනා හැර සෙසු අපේක්ෂකයෙකු ලබාගෙන ඇති ඉහළම ඡන්ද ප්රතිශතය සියයට 4.08කි.
     
    ඒ 2000 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක නන්දන ගුණතිලක මහතා විසින් ලබාගත් ඡන්ද ප්රතිශතයයි.
     
    ආසන්නතම ජනාධිපතිවරණය වන 2019 වසරේ ප්රධාන අපේක්ෂකයින් දෙදෙනාට අමතරව අතිරේක අපේක්ෂකයින් 33 දෙනාටම ලබාගත හැකිවූයේ 2.5%ක ඡන්ද ප්රතිශතයක් පමණී.
     
    ඒ අනුව 2%ක වත් ඡන්ද ප්රතිශතයක් ලබා ගත නොහැකි ඉතිරි අපේක්ෂකයින් සියලුදෙනාගේම ඇප මුදල් සියල්ල රාජසන්තක වන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැහැදිලි කරන්නේ.
     
    මේ අතර, ජනාධිපතිවරණ ඡන්ද විමසිමේ කටයුතු නිරීක්ෂණය කිරිම සඳහා විදේශීය නිරීක්ෂකයින්ට මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය ලබාදි තිබෙනවා.
     
    යුරෝපා සංගමයේ සහ පොදුරාජ්ය මණ්ඩල නිරීක්ෂකයින් ඒ සඳහා අවසරය ලබාදුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කරන්නේ.
     
    ඒ අනූව, එම නිරීක්ෂණ කණ්ඩායම් ඉදිරි දිනවල දී දිවයිනට පැමිණීමට නියමිත බවයි, වාර්තා වන්නේ.
     
    සම්පූර්ණ පුවත අපගේ You tube නාලිකාවෙන් නරඹන්න >>>https://youtu.be/-YYhrrVMtj4

    Latest News