මතීෂ සහ ඩිල්ෂාන්ට එක්දින තරඟාවලිය අහිමි වෙයි

අගෝ 01, 2024
    වේගපන්දු යවන ක්රීඩකයින් වන මතීෂ පතිරණට සහ ඩිල්ෂාන් මධුශංකට ඉන්දියාව සමග හෙට ආරම්භ වන එක්දින තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වනවා. ඒ, ඔවුන් ආබාධයන්ට ලක්ව සිටීම හේතුවෙන්.

    ඩිල්ෂාන් මධුශංක වම් පාදයේ ආබාධයකට ලක්ව තිබෙන්නේ, පුහුණුවීම් අතරතුරයි.

    මේ අතර, තුන්වැනි 20-20 තරගයේදී උඩපන්දුවක් රැක ගැනීමට යාමේදී මතීෂ පතිරණගේ දකුණු උරහිස ආබාධයට ලක් වුණා.
     
    හේතුවෙන්, ඔවුන් දෙදෙනාටම තරගාවලිය මඟ හැරෙන බවයි, ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළේ. ඔවුන් වෙනුවට මොහොමඩ් ශිරාස් සහ ඉෂාන් මාලිංග කණ්ඩායමට කැඳවා තිබෙනවා.
     
    මේ අතර, අතිරේක ක්රීඩකයින් ලෙස කුසල් ජනිත් පෙරේරා, ප්රමෝද් මධුශාන් සහ ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමට එක් කළ බවයි, ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළේ.
     
     

    Latest News