තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරිය

අගෝ 16, 2024

    තායිලන්තයේ නව අග්‍රාමාත්‍ය ධුරයට ‘පේ‍ටොන්තන්ග් ෂිනවත්’ තෝරා පත් කර ‍ගෙන තිබෙනවා.

    ඇය, හිටපු අගමැති තක්ෂින් ෂිනවත් ගේ දියණියයි. 37 හැවිරිදි ‘පේ‍ටොන්තන්ග් ෂිනවත්’ තායිලන්ත පාර්ලිමේන්තුව විසින් නව අග්‍රාමාත්‍යවරිය ලෙස අද තෝරා පත් කර ගනු ලැබුවා. ඇයගේ "ෆියු තායි" පක්ෂයේ පාලක සභාගය ඉදිරිපත් කළ ඇයගේ නාම යෝජනාව පාර්ලිමේන්තුව විසින් තහවුරු කිරීමෙන් අනතුරුව එම ධුරයට පත් වුණා. පාලක සභාවේ අනෙකුත් පක්ෂ 10 න් වෙනත් කිසිවෙකු අගමැති ධුරයට ඉදිරිපත් නොකෙරුණු බවයි, වාර්තා වන්නේ.

    පේ‍ටොන්තන්ග්, මෙතෙක් තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරයට පත් ලාබාලතම තැනැත්තියයි. එරට අග්‍රාමාත්‍ය ධුරයට පත් දෙවැනි කාන්තාව වන්නේ ද ඇයයි. මීට පෙර ඇයගේ නැන්දණිය වූ යිංලක් ෂිනවත් එම ධුරය හෙබවූවා. ඉකුත් බදාදා එරට ආණුඩුක්‍රම ව්‍යවස්ථාපිත අධිකරණ තීන්දුවක් මගින් තායිලන්තයේ හිටපු අගමැති ‘ශ්රේත්තා තවිසින්’ ධුරයෙන් පහ කරනු ලැබුවා. දූෂණ චෝදනා ඊට හේතුවයි. පසුගිය දශක දෙකක කාලය තුළ ශිනවත් පරපුරෙහි අග්‍රාමාත්‍ය ධුරයට පත් සිව්වැන්නා වන්නේ, ‘පේ‍ටොන්තන්ග් ෂිනවත්’.

    Latest News