වනිඳු නැතිව පුළුවන්ද ?

අගෝ 04, 2024

    ආබාධ තත්වයක් හේතුවෙන්, වනිඳු හසරංග ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව නිවේදනය කළා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබෙන්නේ, පළමු එක්දින තරගයේ පන්දු යවමින් සිටියදී වනිඳු හසරංග වම් පාදයේ ආබාධයකට ලක් වූ බවයි. වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව, ඔහුට මෙම තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමි වන බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

    ඔහු වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි එක්දින තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. එය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ පළමු තරග ලකුණු සම වීමෙන් අවසන් වුණා.

    Latest News