ඊශ්‍රායලයෙන් ලෙබනනයට ප්‍රහාර

අගෝ 18, 2024

    දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    ඊශ්‍රායල හමුදාව පවසන්නේ, හිස්බුල්ලා සංවිධානයට අයත් ආයුධ ගබඩාවක් ඉලක්ක කර ප්‍රහාරය සිදුකළ බවයි.

    ගුවන් ප්‍රහාරයෙන් දකුණු ලෙබනනයේ නාබටී නගරයේ නේවාසික ගොඩනැගිල්ලක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා. එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, මියගිය පිරිසට අමතරව, තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

    මියගිය පිරිස අතර කාන්තාවක සහ ඇගේ දරුවන් දෙදෙනා ද වනවා. ඊශ්‍රායල හමුදාව තරයේ කියා සිටින්නේ, නාබටී නගරයේ පිහිටි හිස්බුල්ලා සංවිධානයට අයත් ආයුධ ගබඩාවක් ඉලක්ක කර ගුවන් ප්‍රහාරය එල්ල කළ බවයි. ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල හමුදාව වෙත රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව, හිස්බුල්ලා සංවිධානය පවසනවා.

    Latest News