සෞදි අරාබියේ මෙරට තානාපති හා සෞදි විදේශ රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

අගෝ 17, 2024

    සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඔමාර් ලෙබ්බේ අමීර් අජ්වාඩ් මහතා 2024.08.14 දින රියාද් හි පිහිටි විදේශ අමාත්‍යාංශ මූලස්ථානයේදී සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අඩෙල් අල්-ජුබෙයිර් මහතා හමුවිය.

    සෞදි අරාබියේ තානාපති අමීර් අජ්වාඩ් මහතාව උණුසුම්ව පිළිගත් අමාත්‍ය අඩෙල් අල්-ජුබෙයිර්, ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වශයෙන් දීර්ඝකාලිනව පවතින අන්‍යෝන්‍ය සහයෝගීතාවය සිහිපත් කළ අතර මිත්‍ර රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳව ද අවධාරණය කළේය.

    සෞදි අරාබියේ 2030 වසරේ එක්ස්පෝ (Expo) ප්‍රදර්ශනය පැවැත්වීම සදහා සත්කාරකත්වය සැපයීමට ශ්‍රී ලංකාව ලබාදුන් සහයෝගය ද අමාත්‍ය අල්-ජුබේර් මහතා මෙහිදී අගය කළේය.

    ප්‍රතිචාර වශයෙන්, අමාත්‍ය අල්-ජුබෙයිර් විසින් පිරිනමන ලද ආගන්තුක සත්කාරයට ස්තූතිය පුද කරමින් තානාපති අමීර් අජ්වාඩ්, දේශගුණික විපර්යාස වැනි ගෝලීය ගැටලු ඇතුළු ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සහයෝගීතාවයෙන් කටයුතු කළ හැකි විවිධ පැතිකඩ අවධාරණය කළේය.

    තානාපති අමීර් අජ්වාඩ් මහතා ශුද්ධ වූ මුස්ලිම් පල්ලි දෙකේ භාරකරු වන සල්මාන් බින් අබ්දුලාසීස් රජුගේ ප්‍රධානත්වයෙන් විසින් සිදු කරනු ලබන විවිධ මානුෂීය වැඩසටහන් සඳහා තම රටේ කෘතවේදීත්වය සහ අගය පළ කළේය.

    සෞදි අරාබියේ 2030 දැක්ම සමඟ හවුල් කරුවෙකු වශයෙන් සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැපවන බව තානාපතිවරයා නැවත අවධාරණය කළේය.


    අමාත්‍ය අඩෙල් අල්-ජුබෙයිර් දැනට සෞදි අරාබියේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු සහ දේශගුණික කටයුතු පිළිබඳ නියෝජිතයෙකු ලෙසද කටයුතු කරයි. ඔහු සෞදි අරාබි රාජධානියේ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයා විය.

    තානාපතිවරයා සමඟ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දූත මණ්ඩල ප්‍රධානී/අමාත්‍ය මොහොමඩ් අනාස් මහතාද මෙම හමුවට සහභාගී විය.

    2

    3

    Last modified on සෙනසුරාදා, 17 අගෝස්තු 2024 14:08

    Latest News