රුසියාවේ පාලමක් යුක්‍රේනය සුන් කරයි

අගෝ 17, 2024
    යුක්රේනය, රුසියාවේ කර්ස්ක් ප්‍රදේශයේ උපාය මාර්ගික වශයෙන් වැදගත් පාලමක් විනාශ කර තිබෙනවා.
    එහි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි, යුක්රේන හමුදාව පවසන්නේ.
    රුසියාවේ කර්ස්ක් ප්‍රදේශයේ සෙයිම් නදිය හරහා ඇති මෙම පාලම, උපාය මාර්ගික වශයෙන් වැදගත් බවයි, යුක්රේන බලධාරීන් පවසන්නේ.
    එම නිසා ‘ග්ලුෂ්කොවෝ’ නගරය ආසන්නයේ, යුක්රේනට එරෙහිව රුසියානු මෙහෙයුම තාවකාලිකව නවතා ඇති බව, රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.
    මෙම පාලම, ක්‍රෙම්ලිනය යොදා ගත්තේ, සිය හමුදාවලට යුද අවි සැපයීම සඳහායි. එය විනාශ වීම, රුසියාවට ප්‍රබල බාධාවක් විය හැකි බවයි, යුද විශ්ලේෂකයින් පවසන්නේ.
    එම ප්‍රදේශයේ බලය යළි සියතට ගැනීම සදහා අතිරේක රුසියානු යුද බලඇණි, මොස්කොව් සිට පිටත් කර හැර තිබෙනවා. එහි දරුණු ගැටුම් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Latest News