ඉදිරියේදී කාලගුණයේ ප්‍රබල වෙනසක්

අගෝ 12, 2024
    ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර මධ්‍යම, සබරගමුව, උතුර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියාව පවතිනවා.
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News