තැපැල් ඡන්ද සුදුසුකම්ලාභීන් ලක්ෂ 7 ඉක්මවයි

අගෝ 20, 2024
    මෙවර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා සිටින පිරිස ලක්ෂ 7 ඉක්මවා ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

    එය, පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා සුදුසුකම් ලැබූ පිරිස ඉක්මවා ගොස් ඇති බවයි,එම කොමිසම පවසන්නේ.

    ත්රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්ය නිලධාරීන් ඒ අතර වනවා.
     
    මෙවර ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද ප්රකාශයට පත් කිරීමට දින වෙන් කිරීමක් සිදු කෙරුණු අතර ඒ අනූව, දිස්ත්රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා සැප්තැම්බර් 4 වැනිදා දින නියම කර තිබෙනවා.
     
    සෙසු රාජ්ය සේවකයින් සඳහා සැප්තැම්බර් මස 5 හා 6 යන දින දෙක තැපැල් ඡන්ද ප්රකාශ කිරීමට වෙන් කර ඇති බවයි, මැතිවරණ කොමිසම පවසන්නේ.
     
    එම දිනවල තැපැල් ඡන්දය ප්රකාශ කිරීමට නොහැකි වන රාජ්ය සේවකයින්ට සැප්තැම්බර් 11 සහ 12 දෙදින ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කර තිබෙනවා.

    Latest News