ප්‍රදේශ කිහිපයකට මි.මි. 150 ඉක්මවූ තද වැසි

අගෝ 17, 2024

    ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිතදිගත ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.

    බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකර‍යේ බටහිර බෑවුම් ප්‍රදේශවලට සහ උතුරු, උතුරු මැද පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 ත් 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු මගින් හා තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක් හරහා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Latest News