කතුරක් තළ හදියක්

අගෝ 20, 2024
    ජපානයේ ගුවන් තොටුපොළක ගුවන් මගී පර්යන්තයක් අසළ ගබඩාවක තිබූ කතුරක් අතුරුදන් වීම නිසා ගුවන් ගමන් 36 ක් තාවකාලිකව අවලංගු කෙරුණා.
    ඉකුත් සති අන්තයේ මෙය සිදු වූ අතර, ‍ගුවන් ගමන් වාර 201 ක් ද ප්‍රමාද වූ බවයි, වාර්තා වන්නේ.
    හකීඩෝ හි නිව් චිටෝස් ගුවන්තොටුපොළේ අභ්‍යන්තර මගී පර්යන්තයක් පැය දෙකක කාලයක් පරීක්ෂා කෙරුණු බව, එරට මාධ්‍ය පවසනවා.
    මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කිහිපවරක් පරීක්ෂා කිරීම් සිදු කෙරුණා.
    පැය ගණනක සෝදිසි පරීක්ෂා කිරීම්වලින් දවසකට පසු දින ගුවන්තොටුපොළේ පර්යන්තය අසළ වෙළෙදසැලක තිබී නැති වූ කතුර සොයා ගැනීමට හැකි වූ බවයි, වාර්තා වන්නේ.

    Latest News