රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක් ඇරඹේ

අගෝ 18, 2024

    රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2024 අගෝස්තු මස 15 වන දින “ඔබේ තානාපතිවරයා සමඟ කතා කරන්න” ප්‍රජා සත්කාරක වැඩසටහන සාර්ථකව ආරම්භ කරන ලදී.

    සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතාගේ සමාරම්භක ප්‍රකාශයෙන් සමාරම්භක සැසිය ආරම්භ විය.

    මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයන් ලෙස සෞදි තකාමුල් මෑන්පවර් හි නිලධාරීන් වන අබ්දුල්ලා සහ රේයිඩ් යන මහත්වරු මෙන්ම ශ්‍රී ලංකා ප්‍රජා සමාජයේ කැඳවුම්කරු වන නිහාල් ගමගේ මහතා ද සහභාගි වූහ.

    මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ තානාපති අමීර් අජ්වාඩ් මහතා ප්‍රකාශ කළේ විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව සෞදි අරාබියේ කොතැනක ජීවත් වුවද ඔවුන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කර විසඳුම් සෙවීම මෙම වැඩසටහනේ අරමුණ බවයි.

    මෙහිදී විවිධ ගැටළු සම්බන්ධයෙන් රාජධානියේ නොයෙක් ප්‍රදේශ වල සිට ශ්‍රී ලාංකිකයන් ගෙන් ඇමතුම් ලද අතර ඔවුන්ගේ ගැටළු වලට සෘජුවම සවන් දී ඒවාට විසඳුම් ලබා දීමට තානාපතිවරයාට හැකි විය.

    විදේශගත ශ්‍රී ලාංකිකයින් විසින් මතු කරන ලද ගැටළුවලට පිළිතුරු සැපයීම සඳහා විවිධ අංශ භාර තානාපති කාර්යාල නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගි වන ලදී.

    “ඔබේ තානාපතිවරයා සමඟ කතා කරන්න” වැඩසටහනේ මීළඟ සැසිය 2024 අගෝස්තු මස 29 දින පෙ.ව.9.30ට පැවැත්වේ.

    8bc8e1f6 3d1d 4020 a4d6 84cde91fbc59

    Last modified on ඉරිදා, 18 අගෝස්තු 2024 16:20

    Latest News