අප්‍රිකාවේ සිංගප්පූරුව හදන්න කගාමේට බලය ලැබෙයි

අගෝ 12, 2024

    රුවන්ඩාවේ ජනාධිපතිවරයා ලෙස පෝල් කගාමේ සිව්වන වරටත් දිවුරුම් දුන්නා.

    ඔහු පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ, සියයට 99 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.

    රුවන්ඩාවේ කිගාලි අගනුවර පැවති උත්සවයක දී පෝල් කගාමේ ජනාධිපති ලෙස දිවුරුම් දී තිබෙනවා. අප්‍රිකානු රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු ඊට සහභාගී වුණා. ඉකුත් ජනාධිපතිවරණ හතකදී ඔහු අවම වශයෙන් 93% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබීම විශේෂත්වයක්. සාමය සහ ජාතික ස්වෛරීභාවය සුරකින බවටත් ජාතික සමගිය තහවුරු කරන බවටත් දිවුරුම් දීමේදී ඔහු ප්‍රතිඥා දී තිබෙනවා.

    තමාට ලැබී ඇති බලතල කිසි විටෙක පුද්ගලික අවශ්‍යතා සඳහා යොදා නෙගන්නා බවද ඔහු කියා සිටියා. රුවන්ඩාවේ පැවති මර්ධනකාරී පාලනය අවසන් කර වාර්ගික ටුට්සි සහ මධ්‍යස්ථ හුටූවරුන් 800,000ක් පමණ ඝාතනය කළ ජන සංහාරය අවසන් කරමින් කගමේ රුවන්ඩාවේ බලයට පත්ව තිබෙනවා. රුවන්ඩාව ස්ථාවර කිරීමට ඔහු කැපවී ක්‍රියා කල අතර රට "අප්‍රිකාවේ සිංගප්පූරුව" බවට පත් කිරීමට පෝල් කගමේ උත්සාහ කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. රුවන්ඩා අගනුවර අප්‍රිකාවේ පිරිසිදුම නගරවලින් එකක් ලෙසයි සැලකෙන්නේ.

    Latest News