එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ සභාපති හා ලේකම් රිමාන්ඩ්

අගෝ 15, 2024
    ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා රුපියල් කෝටි තුනක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එම පක්ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් හය දෙනෙකු රුපියල් ලක්ෂ 20 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියම කරනු ලැබුවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2024 16:21

    Latest News