නොනවතින යුද්ධය, තවත් 70ක් මරුට

අගෝ 11, 2024
    ගාසා නගරයේ අවැතැන් වූ පිරිස් රැදි සිටි පාසලක් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදාව ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 70කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි.

    ප්‍රහාරයෙන් තුවාල ලැබු විශාල පිරිසක් රෝහල්ගත කිරීමට එරට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ‍තිබෙනවා.
    සෞඛ්‍ය අංශ පවසන්නේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
    මෙම ප්‍රහාරය පිළිබඳ කලාපීය රටවල් රැසක බලධාරින් විසින් සිය කනස්සල්ල පළ කර ඇති අතර එක්සත් ජාතින්ගේ යුනිසෙ‍ෆ් ආයතනය ප්‍රහාරය ඉතා පිළිකුල් සහගත බව ප්‍රකාශ කර තිබෙනවා.
    කලාපීය රටවල් රැසක බලධාරින් පවසන්නේ, ඊශ්‍රායල රජයට මෙම යුදමය තත්වය අවසන් කිරීමට හෝ සටන් විරාමයකට එළඹීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.
    මේ අතර එක්සත් ජාතින්ගේ සංවිධනය පෙන්වා දෙන්නේ, මෙම යුදමය තත්වය ආරම්භයේ සිට පසුගිය මාසය වන විට ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ පාසල් ගොඩනැගිලි 400කට අධික සංඛ්‍යාවකට ප්‍රහාර කර ඇති බවයි.

    Latest News