සුමාත්‍රා භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ

අගෝ 02, 2019

    update - ඉන්දුනිසියා-සුමාත්‍රා භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    ඉන්දුනිසියාවේ ජාවා දූපත ආසන්න මුහුදේ ප්‍රබල භූකම්පාවක් අද (02) සවස හටගත්තා.  එරට ප්‍රදේශ 4කට පමණක් බලපැවැත්වෙන සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරිණ.  ශ්‍රී ලංකාවට ඉන් තර්ජනයක් නැති බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

    භූකම්පාව හටගත්තේ ඉන්දුනීසියාවේ වේලාවෙන් අද රාත්‍රී 7.00ට පමණ. එහි බලපෑම ජකර්තා අගනුවර ඇතුලු ප්‍රදේශ රැසකට දැන්වූ බව වාර්තාවේ.  මේ දක්වා සිදුවූ හානි පිළිබඳ වාර්තා ලැබී නැහැ.  ඉන්දුනිසියානු බලධාරීන් එරට වෙරළබඩ ප්‍රදේශ 4කට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඉවත්වන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.  එහෙත් ඉන්දුනිසියාවෙන් ඔබ්බට භූකම්පාවේ සුනාමි බලපෑමක් නොමැති බව අන්තර් ජාතික භූවිද්‍යා ඒජන්සිය ප්‍රකාශ කරයි.

    ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ආසන්න මුහුදේ භූකම්පනයක් (19.10)

    ඉන්දුනීසියාවේ නිරිත දිග සුමාත්‍රා දූපතට ආසන්න මුහුදේ රිච්ටර් මාපකයේ 7.4ක් ලෙස සටහන් වූ භූකම්පනයක් හටගෙන තිබේ.

    ඉන්දුනිසියාවේ බටහිර ජාවා, බැන්ටන්, ලැම්පුන් හා බෙන්කුලූ යන වෙරළබඩ ප්‍රදේශවලට පමණක් බල පැවැත්වෙන පරිදි සුනාමි අනතුරු ඇඟවීමක් කර ඇත. තත්වය පිළිබඳව විමසිල්ලෙන් පසුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

    Last modified on සිකුරාදා, 02 අගෝස්තු 2019 20:11

    Latest News