අරුණ දර්ශන වාර්තා කළ හොඳම කාලය අවලංගු කරයි

අගෝ 07, 2024
    පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව තරගයට අද (06) සහභාගී වූ ශ්රී ලංකාවේ අරුණ දර්ශනට එම තරගයේ 05 වැනි ස්ථානය හිමිවුණා.

    එම තරගය පැවැත්වුණේ රාත්රී 11.05ට.

    අරුණ තත්පර 44යි දශම 7යි 5කින් එම ඉසව්ව නිම කළේ සිය පෞද්ගලික හොඳම දක්ෂතාවද වාර්තා කරමින්.
     
    කෙසේ නමුත් මංතීරු කඩ කිරීමේ වරද හේතුවෙන් ඔහු සුදුසුකම් නොලැබූවෙකු ලෙස පසුව නම් කෙරුණා.
    Last modified on බදාදා, 07 අගෝස්තු 2024 07:44

    Latest News