දඹුලු‍ රජ මහා විහාරයේ භාරකාර අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියෝ අපවත් වෙති

අගෝ 19, 2024
    ඓතිහාසික රංගිරි දඹුලු‍ රජ මහා විහාරයේ භාරකාර අතිපූජ්‍ය සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියන් අපවත්වී තිබෙනවා.

    ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි.

    1961 වසරේ ජූලි මස 13 වැනි දින උපත ලද අතිපූජ්‍ය අඹගස්වැවේ රාහුල නාහිමියන් අපවත්වන විට 63 හැවිරිදි වියේ පසුවුණා.
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අඹගස්වැව නම් වූ ග්‍රාමයේ උපත ලද උන්වහන්සේ අපවත් වන විට ඓතිහාසික රංගිරි - දඹුලූ රජමහා විහාරයේ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාරත්වය උසුලන්නට විය.
    ඓතිහාසික රංගිරි - දඹුලු රජමහා විහාර මැද පන්සල ,අතුපාරයාය ශ්‍රී බෝධිරුක්ඛාරාමය, ඇතාබැඳි වැව ශ්‍රී බෝධිරුකාරාමය, කිරලගොල්ල විජය ශ්‍රී සුබෝධාරාමය ,පහළ වැව කළුපාලම ශ්‍රී බෝධිරුක්කාරාමය, ඉබ්බන්කටුව ගංගාරාමය, කිරල ගොල්ල අශෝකාරාමය ආදී විහාර ගණයේ විහාරස්ථාන රැසක විහාරාධිපති හිමියන් ලෙසද උන්වහන්සේ ශාසනික මෙහෙවරක නිරත වූහ.

    Latest News