අගවිනිසුරු අස්වෙයි

අගෝ 11, 2024
    බංග්ලාදේශයේ හටගෙන ඇති නව විරෝධතා හේතුවෙන්, එරට අග විනිසුරුවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
    අග විනිසුරුවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින්, එරට විශ්වවිද්යාල සිසුන් ඊයේ යළි විරෝධතාවන්හි නිරත වුණා.
     
    බංග්ලාදේශ අග විනිසුරු, සී.ජේ. ඔබෙදුල් හසන්ට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට බල කරමින් සහ එරට අධිකරණමය ප්රතිසංස්කරණයක් ඉල්ලා සිටිමින්, විශ්වවිද්යාල සිසුන් ඊයේ යළි විරෝධතා ආරම්භ කළා.
     
    සිය විරෝධය පළ කරමින්, ශ්රේෂ්ඨාධිකරණය දෙසට පා ගමනින් යමින් එරට විශ්වවිද්යාල සිසුන් මෙලෙස විරෝධතාවක නිරත වුණා.
     
    විරෝධතා මැඩපැවැත්වීම සඳහා ශ්රේෂ්ඨාධිකරණ පරිශ්රය තුළ හමුදාව යෙදවීමට ද පියවර ගැනුණා.
     
    අග විනිසුරුවරයාට මෙන්ම අභියාචනා අංශයේ විනිසුරුවරුන් හත් දෙනාට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස බල කරමින්, ඩකා අගනුවර පිහිටි මහාධිකරණ ගොඩනැගිල්ල ඉදිරිපිට ද විශ්වවිද්යාල සිසුන් ඊයේ විරෝධතාවක නිරත වුණා.

    Latest News