සෞදි අරාබියේ මෙරට තානාපති හා සෞදි ක්‍රිකට් සම්මේලනයේ සභාපති අතර හමුවක්

අගෝ 11, 2024

    සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා 2024 අගෝස්තු මස හය වන දින සෞදි ක්‍රිකට් සම්මේලනයේ සභාපති සවුද් අල් මිෂාල් අල් සවුද් කුමරු රියාද්හි පිහිටි ඔහුගේ නිවසේදී හමුවිය.

    මෙම සාකච්ඡාවේදී තානාපති අමීර් අජ්වාඩ් මහතා සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර මේ වසරේ යෙදෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 50 වැනි සංවත්සරය පිළිබඳව විශේෂ අවධානය යොමු කළ අතර එම අවස්ථාව සනිටුහන් කරමින් දෙරට අතර සුහද ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීමට යෝජනා කළේය.

    තානාපති අමීර් අජ්වාඩ් මහතා සහ මිෂාල් කුමරු විසින් ද්විපාර්ශවික සබඳතා හරහා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම මඟින් දෙරටේ ජනතාව අතර සබඳතාවය තවදුරටත් වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී.

    ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව ශ්‍රී ලංකාව සතු ඉහල දැනුම හා පළපුරුද්ද සෞදි ක්‍රිකට් සම්මේලනය සමඟ බෙදාගැනීමටත් ඉදිරි වසර වලදී සෞදි ක්‍රිකට් ඉදිරියට ගෙනයාමට අඛණ්ඩ සහය ලබාදීමටත් ශ්‍රී ලංකාව සූදානම් බව තානාපති අමීර් අජ්වාඩ් මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

    මෙම සාකච්ඡාවට තානාපති කාර්යාලය වෙනුවෙන් දූත මණ්ඩල ප්‍රධානි / අමාත්‍ය මොහමඩ් අනාස් මහතා තානාපති වරයා සමඟ එක් වූ අතර ප්‍රධාන විධායක නිලධාරි තරීක් සාගා සහ සෞදි ක්‍රිකට් සම්මේලනයේ උප සභාපති නවාෆ් අලෝතයිබි යන මහත්වරු ද කුමරු සමඟ එක්ව සිටියහ.

    2

    1

    4

    Last modified on ඉරිදා, 11 අගෝස්තු 2024 16:12

    Latest News