අලි ගණන් කිරීම අදින් ඇර‍ෙඹ්

අගෝ 17, 2024
    වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කළ, අලි ගහනය පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණය අද ආරම්භ වීමට නියමතයි.

    හෙට (18) සහ අනිද්දා (19) දෙදින තුළදී ද මෙම සමීක්ෂණය සිදු කෙරෙනවා.

    රට පුරා ස්ථාපිත සමීක්ෂණ මධ්‍යස්ථාන 3130 කදී මෙම අලි ඇතුන් නිරීක්ෂණය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර තිබෙනවා.
    මෙම සමීක්ෂණයේදී දත්ත රැස්කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලය, වෙනත් රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලය, ආරක්ෂක හමුදා සාමාජිකයින්, පුද්ගලික අංශයේ විවිධ ආයතනවල සේවා නියුක්තයන්, උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් හා ස්වකැමැත්තෙන් සහභාගි වන්නන් යොදාගනු ලබනවා.
    මෙම සමීක්ෂණයෙන් රැස්කරනු ලබන දත්ත විධිමත් විශ්ලේෂණයකට ලක් කිරීම මඟින් අලි සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු සිදු කරනවා.
    දීප ව්‍යාප්ත අලි ගහන සමීක්ෂණය අවසන් වරට පවත්වා ඇත්තේ 2011 වසරේදීයි.
    එම සමීක්ෂණයේදී මෙරට අලි ගහනයේ අවමය සතුන් 5879ක් ලෙසත් එම ගහනයේ 55.09% ක් වැඩිහිටි අලින් ද 25.03% ක් තරුණ වයසේ පසුවූ අලින් ද 12.04% ක් පැටවුන් ද 6.04% ක් ළදරු අවස්ථාවේ සතුන් ද වූ බව වාර්තා වී ඇත.

    Latest News