ෂිනවත්‍රා පරපුරෙන් තායිලන්තය භාර ගනී

අගෝ 18, 2024

    ‍තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස, පේටොංතාන් ෂිනවත් අද සිය ධුරයෙහි දිවුරුම් දුන්නා.

    එරට පාර්ලිමේන්තුව නව අගමැති ධුරයට ඇය තෝරාපත් කරගැනීමෙන් දින 2 කට පසුවයි, තායිලන්ත මහා වජිරලොංකෝන් රජු ඇයගේ පත්වීම අනුමත කර තිබෙන්නේ.

    එරට පාර්ලිමේන්තුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඇය තෝරාපත් කරගනු ලැබුවේ, ඉකුත් 16 වැනිදායි. “ෆියු තායි” පක්‍ෂයේ පාලක සභාගය ඉදිරිපත් කළ ඇයගේ නාම යොජනාව පාර්ලිමේන්තුව තහවුරු කළා. ඒ අනුව, ඇය එම ධුරයට පත්වුණා.

    පාලක සභාගයේ අනෙකුත් පක්‍ෂ 10 න් වෙනත් කිසිවෙකු අගමැති ධුරයට ඉදිරිපත් නොකෙරුණු බවයි වාර්තා වන්නේ. පේටොංතාන් ෂිනවත් මෙතෙක් තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරයට පත් ලාබාලතම තැනැත්තියයි. ෂිනපත් එරට හිටපු අගමැති තක්ෂින් ෂිනවත්ගේ දියණිය ද වනවා. එරට අග්‍රාමාත්‍ය ධුරයට පත් දෙවැනි කාන්තාව වන්නේ ද ඇයයි. මීට පෙර ඇයගේ නැන්දනිය වූ යිංලක් ෂිනවත් එම ධුරය හෙබවූවා.

    සිය ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව පේටොං තාන් ෂිනවත් ප්‍රකාශ කර ඇත්තේ. සියලු පාර්ශ්වවල අදහස්වලට ප්‍රමුඛත්වය ලබාදෙමින් වඩාත් ස්ථාවරව සිය රාජය ඉදිරියට පවත්වාගෙන යාමට එකට එක්ව ක්‍රියාකරන බවයි.

    Latest News