බංග්ලාදේශයේ බැංකු පද්ධතිය දැඩි අස්ථාවරත්වයක

අගෝ 19, 2024
    බංග්‍ලාදේශයේ ඇති වූ අර්බුදකාරී වාතාවරණයෙන් පසු එරට බැංකු පද්ධතිය තවමත් දැඩි අස්ථායී තත්වයක පවතින බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

    මෙය, බැංකු 6 කට දැඩි ලෙස බලපෑම් එල්ල කරමින් පවතින බවයි, වාර්තා වන්නේ.

    බංග්ලාදේශ මහ බැංකුව එම අර්බුදයෙන් ගැලවීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමෙන් අනතුරුවත්, මෙම අර්බුදය සමනය කර ගැනීමට හැකි වී නැහැ.
    මෙම බැංකුවල මූල්‍ය අර්බුදය, බංග්ලාදේශ ‘තකා’ කෝටි 20,000 ඉක්මවා තිබෙනවා.
    බංග්ලාදේශයේ මහමැතිවරණයක් පැවැත්වීමට පෙර අත්‍යවශ්‍ය සංශෝධන කිහිපයක් සිදු කළ යුතු බව, එරට අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍ය මොහොමඩ් යුනුස් පවසනවා.

    Latest News