ග්‍රීසියට උතුරු දෙසින් ප්‍රබල ලැව්ගින්නක්

අගෝ 12, 2024
    ග්‍රීසයේ ඇතැන්ස් නගරයට උතුරු දිගින් ලැව්ගිනි තත්වයක් පැතිර යමින් පවතිවනවා.
    ප්‍රදේශයේ දහස් ගණන් ජනතාව මේ වන විට ඉවත් කොට ඇති බවයි, වාර්තා වන්නේ.
    මේ වන විට බොහෝ නිවාස සහ දේපළ ගිනෙන් විනාශ වී ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.
    ලැව්ගින්න ‍පැතිර යාමත් සමග මාර්ගයේ ගමන් ගත් රථ වාහන රැසක සිරවී සිටි පිරිස් බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් යෙදීමට සිදුව ඇති බවයි, බලධාරීන් ප්‍රකාශ කොට සිටින්නේ.
    ඉකුත් සෙනසුරාදා දින ලැව්ගිනි තත්වය ආරම්භ වූ අතර, මේ වන විට කාණ්ඩ 40 ක් පමණ වාර්තා වී තිබෙනවා.
    ග්‍රීසිය සිය උණුසුම්ම කාල පරිච්ඡේදය ඉකුත් ජුනි සහ ජූලි මාසවල වාර්තා වූ අතර, මේ හේතුවෙන් ලැව්ගිනි තවදුරටත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව, එරට කාලගුණවිද්‍යා අංශ අනතුරු අඟවයි.
    අග්‍රාමාත්‍ය කිරියාතෝ මිට්සෝටකිස් එරට පවතින අවදානම් තත්වය හමුවේ කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් දැනුවත් කොට තිබෙනවා.

    Latest News