මරුට අත වැනූ අධික වේගය

අගෝ 15, 2024

    දිවුලපිටිය - මීගමුව මාර්ගයේ, දුනගහ හන්දිය ප්‍රදේශයේ අද (15) සිදු වූ රිය අනතුරකින් තිදෙනෙකු මියගියා.

    ගොඩිගමුව - දුනගහ මාර්ගයේ දිවුලපිටිය දෙසට අධික වේගයෙන් ගමන් කළ ත්‍රිරෝද රථයක රියදුරුට එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිව රථය මාර්ගයේ පෙරළි ගොස් දිවුලපිටිය දෙස සිට මීගමුව දෙසට ධාවනය වූ ටිපර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. ත්‍රිරෝද රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්වී තිබූ අතර බරපතළ තුවාල ලැබූ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු රෝහල් ගත කර තිබුණා. පසුව තුවාළ ලැබූ පිරිමි පුද්ගලයාද මියගොස් තිබෙනවා. කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කෙරුණා.

    Latest News