පුත්තලමේ සුළඟකින් දේපල රැසකට හානි

අගෝ 17, 2024

    පුත්තලම ප්‍රදේශය හරහා ඊයේ 16 දා රාත්‍රී යේ වර්ෂාව සමග හමා ගිය තද සුළගින් විශාල නිවාස සහ ගොඩ නැගිලි සංඛාවකට අළාභ හානී සිදු වී ඇති බව පුත්තලම අපදා කළමණාකරණ ඒකකය සදහන් කරනවා.

    හානියට පත් ගොඩනැගිලි අතර පුත්තලම නගර සභාවට අයත් වායු සමනය කල නගර ශලාව , පුත්තලම කළපු තීරයේ ඇති පොදු වෙළද මධ්‍යස්ථානයේ, කරඹ ඇඟලුම් කම්හල , පාලවියේ පිහිටි පෞද්ගලික ලුණු සමාගම් දෙකක වහල්වල් මේ අතරවනවා. සිදුව ඇති පාඩුව මෙතෙක් ගණනය කර නැහැ.

    Latest News