ශ්‍රී පුර වෙඩි තැබීමක් පුද්ගලයෙකු මරුට

අගෝ 16, 2024
    ශ්රී පුර, ගැමුණුපුර - පුල්ලෙයාර් හන්දියේ දී අද (16) අලුයම සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

    යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි, පොලීසිය පවසන්නේ.

    තුවාල ලැබූ 26 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇත. ඔහු කාවන්තිස්ස පුර, ශ්රී පුර ප්රදේශයේ පදිංචිකරුවෙක්.
     
    වෙඩිතැබීම සඳහා T-56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
     
    වෙඩිතැබීමට හේතුව මෙතෙක් හෙළිවී නැහැ. සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
    Last modified on සිකුරාදා, 16 අගෝස්තු 2024 08:04

    Latest News