නව රජය ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැක ගනිමින් ඕනෑම දියුණු රටක් සමඟ සමව සිටගත හැකි ආර්ථිකයක් ගොඩනැගීමේ ක්‍රියාවලිය ආරම්භ කර අදට…
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී දූෂිතයන්ට නාම යෝජනා ලබාදීමෙන් වැළකී සිටින ලෙස මාර්තු 12 ව්‍යාපාරය ඉල්ලා සිටිනවා.
රාජගිරිය, බුත්ගමුව ප්‍රදේශය ආශ්‍රිත වගුරුබිමක හටගත් ගින්නක් කෝට්ටේ මහ නගර සභාවේ ගිනිනිවන ඒකකය සහ ගුවන් හමුදාව එක්ව මැඩපවත්වා තිබේ.
පාන් මිල හෙට මධ්‍යම රාත්‍රී සිට රුපියල් 05 කින් පහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නගර කිහිපයක සිට දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දක්වා නව බස් සේවා අද ආරම්භ කෙරිණ.
අවුරුදු 16ක පිරිමි ළමයෙකු අද(25) සවස කොළඹ මහ බැංකු මූලස්ථානයේ ඉහළ මහලයකින්‌ ඇදවැටී මියගොස්‌ තිබේ.
ඉල්ලීම් 6ක් මුල් කර ගනිමින් ගුරු - විදුහල්පති වෘත්තීය සමිති 30ක් අද (26) අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති…
ජාඇල, කටුනායක, සීදුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (26) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මැණික් පතල් කැණීම සඳහා එක් දිනකින් බලපත්‍ර නිකුත් කිරීමේ ජංගම සේවයක් ඊයේ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී පැවැත්විණ.
ආදර්ශ වගාවක් ලෙස උතුරු පළාතේ ප්‍රථම වරට සිදුකළ කුරුඳු වගා ව්‍යාපෘතිය සාර්ථක වී තිබේ.
කලුතර ප්‍රදේශයෙ අපිරිසිදු ලෙස පවත්වාගෙන ගිය ආපනශාලා 14කට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.
මීගමුව කලපුව ආශ්‍රිතව පිහිටා ඇති කඩොලාන විනාශ කරමින්, ඉදිකරමින් තිබූ අනවසර ඉදිකිරීමක් වැටලීමට දුන්ගාල්පිටිය පොලීසිය සමත්ව තිබේ.
දුම්කොළ මිශ්‍ර මාවා නමැති මත්ද්‍රව්‍ය කිලෝ 4කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනිණ.
කොවිඩ් 19 වෛරසය නිසා ලෝකය වංසගතයකට සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
දෙහිවල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 290 ක් සමඟ සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.වැටලීම සිදුකර…
කාසල්රි ජලාශ රක්ෂිතයේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර 10ක පමණ කොටසක් විනාශ වී තිබේ.
හොරණ, ඉළිඹ ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. වෙඩි තැබීම සිදුව ඇත්තේ ඊයේ (24) රාත්‍රී 9.30ට පමණ.
දිවංගත ආචාර්ය පණිභාරතයන්ගේ සියවැනි ජන්ම දිනය අදට යෙදී තිබේ.
රථවාහන තදබදය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ සාමාජිකයන් රාජකාරියේ යෙදවීමට රජය පියවර ගෙන තිබේ.
ඉඩමක අවශ්‍යතාව ඇති අයට පමණක් ඉඩම් ලැබෙන ක්‍රමවේදයක් අවශ්‍ය බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

Latest News