මේස පන්දුවෙන් ශ්‍රී ලංකාවට රන් රිදී පදක්කම්

මැයි 28, 2024

    දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලියේ වයස අවුරුදු 19 න් පහළ බාලක කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.

    තරගාවලිය පැවැත්වෙන්නේ මහනුවර මහ නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී.

    ශ්‍රී ලංකා මේස පන්දු සංගමය සහ දකුණු ආසියානු මේස පන්දු සංගමය එක්ව, මෙම තරගාවලිය සංවිධාන කර තිබෙනවා. වයස අවුරුදු 19 න් පහළ බාලක කණ්ඩායම් තරග පැවැත්වුණේ ලීග් ක්‍රමය යටතේයි. ඒ අනුව එහි රන් පදක්කම ශ්‍රී ලංකාව හිමිකර ගත් අතර රිදී පදක්කම බංග්ලාදේශයට හිමිවුණා.


    ලෝකඩ පදක්කම පකිස්තානය දිනාගත්තා. මේ අතර වයස අවුරුදු 19 න් පහළ බාලිකා වයස 15 න් පහළ බාලක සහ බාලිකා යන කණ්ඩායම් තරගවල රන් පදක්කම් හිමිකර ගැනීමට ඉන්දියාව සමත් වුණා.

    එම සියලු තරගවල රිදී පදක්කම හිමිවුණේ ශ්‍රී ලංකාවටයි. තරගාවලියේ අද සිදු වූ සුවිශේෂී සිද්ධියක් වන්නේ මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙන මාලදිවයිනේ දීමා අලී ක්‍රීඩිකාව, ශ්‍රී ලංකාවේ බිමන්දි බණ්ඩාර හමුවේ පරාජයට පත්වීමයි. බිමන්දි, වට 3-2 ක් ලෙස එම තරගයේ ජය වාර්තා කළා.

    Latest News