කැලිෆෝනියාවෙන් අහසට ගිය EARTHCARE MISSION එක

මැයි 29, 2024
    දේශගුණයට වලාකුළු බලපාන ආකාරය මැන බැලීම සඳහා නවීන චන්ද්රිටකාවක් කක්ෂ ගත කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. එම චන්ද්‍රිකාව නිපදවා ඇත්තේ යුරෝපීය සහ ජපාන හවුල් ව්‍යාපෘතියක් ලෙසයි.

    මෙම චන්ද්‍රිකාව මගින් වායුගෝලය පරීක්ෂා කිරීමට ලේසර් සහ රේඩාර් භාවිතා කර වලාකුළුවල සමතුලිතතාවය පවතින්නේ කොතැනද යන්න නිවැරදිව සොයා බලනු ලබනවා.

    පහළ මට්ටමේ වලාකුළු පෘථිවිය සිසිල් කරන බවත් ඊට ඉහළින් ඇති වලාකුළු ආවරණයක් ලෙස ක්‍රියාකරන බවත් විද්යාතඥයින් පවසනවා.
    යුරෝපීය සහ ජපාන හවුල් මෙම ව්යාසපෘතියට නම් තබා ඇත්තේ EARTHCARE MISSION ලෙසයි. හරිතාගාර වායු මට්ටම් වලට දේශගුණය ප්‍රතිචාර දක්වන ආකාරය පුරෝකථනය සඳහා භාවිත කරන පරිගණක මාදිලිවල අවිනිශ්චිතතාවයක් දැකිය හැකියි.
    එබැවින් මෙම චන්ද්‍රිකාව මගින් හරිතාගාර වායු දේශගුණයට බලපාන අකාරය පිළිබඳ අධ්‍යයනය කිරීමටද හැකියාව පවතිනවා. ටොන් 2.3ක් බරැති මෙම චන්ද්‍රිකාව කැලිෆෝනියාවේ සිට SpaceX රොකට්ටුවක් ආධාරයෙන් අභ්‍යයවකාශගත කෙරුණා.
     

    Latest News