යුක්තියේ අධිකරණයෙන් ඊශ්‍රාලෙට නියොගයක්

මැයි 25, 2024
    "ජාත්යලන්තර යුක්තියේ අධිකරණය" දකුණු ගාසා තිරයේ "රෆා" නගරයේ මෙහෙයුම් වහා නතර කරන ලෙස ඊශ්රායයලයට නියෝග කර තිබෙනවා.

    අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ, "රෆා" ප්රෙදේශයෙන් සියලුම ඊශ්රාරයල හමුදා ඉවත් කරගන්නා ලෙසයි.

    15 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලේ බහුතර එකඟතාවට අනුව මෙම තීරණයට එලඹ තිබෙනවා. පලස්තීන ජනතාවගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා ඊශ්රායයලයේ "රෆා" නගරය වෙත එල්ල කෙරෙන ප්රුහාර නතර කළ යුතු බව පවසමින්, දකුණු අප්රියකාවේ නීතීඥයන් පිරිසක් පසුගිය සතියේ නෙදර්ලන්තයේ "හේග්" නුවර ජාත්යයන්තර යුක්තියේ අධිකරණය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා. එහි කරුණු සැලකිල්ලට ගනිමින් විනිසුරුවන් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි, වාර්තා වන්නේ.
     
    මෙම වසරේ එම අධිකරණය මෙවැනි නියෝග 2 ක් ලබා දුන් අතර, එම නියෝගවලට එකඟවීමට හෝ ඒවා පිළිපැදීමට ඊශ්රාුයලය කටයුතු කළේ නැහැ.
    Last modified on සෙනසුරාදා, 25 මැයි 2024 10:53

    Latest News