සන්රයිසස් අවසන් මහා සටනට

මැයි 25, 2024
    ඉන්දීය ප්රිලමියලීග් ක්රිිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සන්රයිසස් හයිද්රා බාද් කණ්ඩායම සමත්වුණා.
    ඒ, ඊයේ පැවති දෙවැනි සුදුසුකම් ලැබීමේ වටයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරාජය කරමින්.
    තරගය පැවැත්වුණේ, චෙන්නායිහි දී. පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්රාණබාද් කණ්ඩායම, පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 175 ක් රැස් කළා. ‍
    හෙන්රිච් ක්ලාසන් ලකුණු 50 යි. රාහුල් ත්රි්පාති ලකුණු 37 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී අවේශ් ඛාන් සහ ට්රේඩන්ට් බෝල්ට් කඩුලු 3 බැගින් බිඳ හෙලුවා.
    පිළිතුරු ඉනිම ක්රීශඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 139 ක් පමණයි.
    දෘව් ජූරල් නොදැවි ලකුණු 56 යි. යශාස්වි ජයිස්වාල් ලකුණු 42 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ශබාස් අහමඩ් ලකුණු 23 ට කඩුලු 3 බිඳ හෙලුවා.
    ඒ අනුව සන්රයිසස් හයිද්රාශබාද් කණ්ඩායමට තරගයේ ලකුණු 36 ක ජයක් හිමි වුණා. ඔවුන් හෙට දවසේ දී පැවැත්වෙන අවසන් මහ තරගයේ දී කොල්කටා නයිට්‍ රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව තරග වැඳීමට නියමිතයි.

    Latest News