දූෂිතයන්ට නාම යෝජනා දෙන්න එපා; මාර්තු 12 ව්‍යාපාරය (වීඩියෝ)

පෙබ 25, 2020
  • ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී දූෂිතයන්ට නාම යෝජනා ලබාදීමෙන් වැළකී සිටින ලෙස මාර්තු 12 ව්‍යාපාරය ඉල්ලා සිටිනවා.

    ඒ ගැන පැහැදිලි කිරීම සඳහා එම ව්‍යාපාරය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂ නායකයින් මුණ ගැසීමට ද තීරණය කර තිබේ.
    ඒ අනුව, මාර්තු 12 ව්‍යාපාරයේ සාමාජිකයින් කොළඹ දී අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය. එහිදී අදාළ කරුණු පිළිබඳව සාකච්ජා කර තිබේ. මාර්තු 12 ව්‍යාපාරය මේ සම්බන්ධ නිර්ණායක යළි සමාලෝචනය කර දේශපාලන නායකයින්ගේ එකඟතාව ලබාගැනීමේ වැඩපිළිවෙළක් මාර්තු 12 වැනි දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    Last modified on අඟහරුවාදා, 25 පෙබරවාරි 2020 20:31

    Latest News