හෙට මධ්‍යම රාත්‍රී සිට පාන් රු.5 කින් බසී (වීඩියෝ)

පෙබ 25, 2020
  • පාන් මිල හෙට මධ්‍යම රාත්‍රී සිට රුපියල් 05 කින් පහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

    ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් පහකින් අඩුවනු ඇත. රජය ලබාදුන් බදු සහන මත මෙය ක්‍රියාවට නැංවීමට හැකි වූ බව, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි. බේකරි හිමියන් වසර ගණනාවක සිට තමන් වැට් බදුවලින් ඉවත් කර දෙන ලෙසට පැවති රජයන් වෙත ඉල්ලීම් කර තිබේ. ඊට යහපත් ප්‍රතිචාරයක් කිසිදු රජයකින් හිමිවී නොමැත.

    නව ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ තමන් වැට් සහ එන්.බී.ටී. බදුවලින් නිදහස් කිරීම තුළින් විශාල සහනයක් සැලසුණු බව, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

    Last modified on අඟහරුවාදා, 25 පෙබරවාරි 2020 20:09

    Latest News