මාවා කිලෝ 4ක් සමග සැකකරුවන් 2ක් අත්අඩංගුවට

පෙබ 25, 2020

    දුම්කොළ මිශ්‍ර මාවා නමැති මත්ද්‍රව්‍ය කිලෝ 4කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනිණ.

    දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් දෙහිවල ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකෙරිණ. සැකකරුවන් අවුරුදු 21 හා 49 යන වයස්වල පසුවන දෙහිවල හා මතුග ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අද ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දෙහිවල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Last modified on අඟහරුවාදා, 25 පෙබරවාරි 2020 09:00

    Latest News