රිමාල් සුළි කුණාටුව ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

මැයි 26, 2024

    තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව REMAL සුළි කුණාටුව හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශයේත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් ඉතා තද සුළං සමගින් තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති REMAL සුළි කුණාටුව අද (26) පෙරවරුව වනවිට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

    නැවත දැනුම්දෙනතුරු ධීවර කටයුතු සිදු නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    6652e5d730f5b6652e5d76d6f5

    Last modified on ඉරිදා, 26 මැයි 2024 16:22

    Latest News