තරු පුපුරන හැටි

මැයි 28, 2024

    විශ්වය පුරා පවතින ඇතැම් තාරකා පුපුරා යාමකින් තොරව සෘජුවම කළු කුහරයක් බවට පත්විය හැකි බව කෝපන්හේගන් විශ්වවිද්‍යාලය තුළ නවතම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

    එහි දත්ත මගින් තාරකා අතුරුදන්ව යාම පිළිබඳව මෙතෙක් පැවති අභිරහස විසදෙනු ඇතැයි, තාරකා විද්‍යාඥයින් අපේක්ෂා කරනවා.

    වසර බිලියන ගණනක් ගත වී අනාගතයේදී සූර්යයා විශාල ප්‍රමාණයකට සීඝ්‍රයෙන් ප්‍රසාරණය වී එහි පවතින හයිඩ්‍රජන් සහ හීලියම් යන මූලද්‍රව්‍ය ද අවසන් වූ පසු ශීත ඝණ වස්තුවක් බවට පත් වනු ඇතැයි තාරකා විද්‍යාඥයින් අනුමාන කරනවා.

    මෙම සංසිද්ධිය විශ්වයේ පවතින බොහෝ තාරකාවන්හි පොදු ඉරණම ලෙසයි, තාරකා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. සූර්යයාට වඩා දස ගුණයක ස්කන්ධයෙන් යුත් විශාල තාරකා, විශාල ශක්තියක් මෙන්ම සිය අංශු අභ්‍යවකාශය වෙත මුදා හරිනු ලබන දැවැන්ත පිපිරීමකට ලක්වන බව, තාරකා විද්‍යාඥයින් පවසනවා.

    මෙම තාරකා පිපිරීම “සුපර්නෝවා” ලෙසයි, හඳුන්වන්නේ. මෙම පිපිරීම අවසානයේදී අධි ඝණ නියුට්‍රෝන තාරකාවන් හෝ කළු කුහරයක් ඉතිරිව පවතින බව, සඳහන්.

    Latest News