පණිභාරතයන්ගේ සියවැනි ජන්ම දිනය අදයි

පෙබ 24, 2020

    දිවංගත ආචාර්ය පණිභාරතයන්ගේ සියවැනි ජන්ම දිනය අදට යෙදී තිබේ.

    එම දිනය සහ ජාතික නර්තන දිනය සැමරීමේ උත්සවයක් අද (24) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණ. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. වර්ෂ 1920 පෙබරවාරි මස 24 වැනි දින කෑගල්ලේ අල්ගමදී උපත ලද පණිභාරතයන් ඉන්දියාවේ ශාන්ති නිකේනයේ හා කේරලයේ කලා මණ්ඩලයේ අධ්‍යාපනය ලැබීය. මෙරට සෞන්දර්ය ආයතනයේ ප්‍රධානියා ලෙස වසර ගණනාවක් කටයුතු කළ එතුමා උඩරට, පහතරට, සබරගමු නර්තන සාම්ප්‍රදායන් මනාව ප්‍රගුණ කළ ශිල්පියෙක්. ගැමි නැටුම්, නාරිලතා, ගොයම් කැපීම වැනි නර්තන හා හත්පත්තිණි, පොරපොල්පිටිය, ග්‍රහ අපල වැනි මුද්‍රා නාට්‍ය රැසක් ඔහු විසින් නිර්මාණය කරනු ලැබුවා. දක්‍ෂ වාදකයෙකු වන එතුමා චිත්‍ර ශිල්පයට ද දක්‍ෂතා දක්වා තිබේ. ඔහු ප්‍රවීණ බලි ඇඳුරෙකු ද වේ. දෙස්-විදෙස් සම්මාන රැසකින් පිදුම් ලබා ඇති ආචාර්ය පණිභාරතයන් කොළඹ සෞන්දර්ය ආයතනය, කලා විශ්වවිද්‍යාලයක් බවට ප්‍රතිශ්ඨාපනය කිරීමේ පුරෝගාමියෙකු ලෙස සැලකේ.

    වර්ෂ 2005 සැප්තැම්බර් මස 20 වැනිදා ආචාර්ය පණිභාරතයන් මියයන විට 86 වැනි වියේ පසුවිය. ආචාර්ය පණිභාරතයන්ගේ සියවැනි ජන්ම දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විශේෂ සමරු මුද්දරයක් ද නිකුත් කළේය.

    Bararth px 900 24 02 20

    ප්‍රවීණ සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැලියගොඩ මහතා විසින් සංස්කරණය කරන ලද ආචාර්ය පණිභාරතයන් පිළිබඳ ලියැවුණු ගුරුදේව පණිභාරත ග්‍රන්ථය අග්‍රාමාත්‍යවරයාට මෙහිදී පිළිගනුවනු ලැබීය. උත්සවයය සංවිධාන කරන ලද්දේ, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින්.

    Latest News