අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් වැසේ

මැයි 25, 2024

    කොළඹ ප්‍රදේශයේ මේ දිනවල පවතින සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවන අනතුරු වලක්වාගැනීම සඳහා අද (25) රාත්‍රියේ කොළඹ මාර්ග කිහිපයක් වසා තැබීමට පියවර ගන්නා බව පොලිස් රථවාහන මූලස්ථානය නිවේදනයක් නිතුක් කරමින් පවසා ඇත.

    ඒ අනුව, බෞද්ධාලෝක මාවත බොරැල්ල කනත්ත හංදියේ සිට තුම්මුල්ල දක්වාත්, විජේරාම පාර, ග්‍රෙගරි පාර මංසන්ධියේ සිට බෞද්ධාලෝක මාවත දක්වාත්, පෙරහැර මාවත, ජේම්ස් පීරිස් මාවත හංදියේ සිට රොටුන්ඩා මංසන්ධිය දක්වාත්, බේබෲක් පෙදෙස යන ප්‍රදේශවල වාහන ගමනාගමනය සඳහා විවෘත නොකොට අද දින රාත්‍රී කාලයේ වසා තැබෙන බවට නිවේදනයේ දක්වා ඇත. වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වන්නේ වෙසක් කලාප නැරඹීම සඳහා වාහන වලින් පැමිණෙන ජනතාව ආරක්ෂිත ස්ථානයක වාහන නතරකර තබා පා ගමනින් එම ප්‍රදේශවලට ගමන් කරන ලෙසයි.

    Last modified on සෙනසුරාදා, 25 මැයි 2024 20:33

    Latest News