ඊයේ තරගය උපාය මාර්ගික සැලසුමක් ?

මැයි 29, 2024

    ICC T20 ලෝක කුසලාන තරඟාවලියට පෙරාතුව පැවති පළමු පෙරහුරු තරඟය ඊයේ අවසන් වූයේ ෆ්ලොරිඩා හි ලවුඩහිල් පිටියේදී ශ්‍රී ලංකාවට ලකුණු 20ක පරාජයක් අත් කර දෙමින්.

    පුහුණු තරගයකදී සංචිතයේ සියලු ක්‍රීඩකයින්ට ක්‍රීඩා කළ හැක. (ඕනෑම 11 දෙනෙකුට පන්දුවට පහර දිය හැක)පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 181/5ක් ලබා ගත්තා.

    පිළිතුරු ඉනිම ඇරඹු ශ්‍රී ලංකාවේ මුල් කඩුලු 4ක් පවර් ප්ලේ අවස්ථාවේ ලකුණු 30ක් තුළ බිඳ වැටුනා. නායක වනිඳු හසරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර, පන්දු 15කදී වේගවත් ලකුණු 43ක් ලබා ගත්තේ, පිට පිට හයේ පහර 5ක්ද එල්ල කරමින් ඉතා ප්‍රවේගකාරීවයි. දසුන් ශානක නොදැවී ලකුණු 35ක් ලබා ගත් අතර ධනංජය ද සිල්වා ලකුණු 31ක් රැස් කළා.

    පන්දු යැවීමේදී වනිඳු හසරංග, මහේෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සහ දුෂ්මන්ත චමීර විවේක ගන්වා ඇති අතර එය ඉදිරි තරග සඳහා උපාය මාර්ගික සැලැස්මක් විය හැකියි. නුවන් තුෂාර සහ ඩිල්ෂාන් මධුශංක නෙදර්ලන්ත පිතිකරුවන් මැඩපවත්වා ගැනීමට දැඩි වෙහෙසක් දරද්දී මෙම ඉදිරිපෙළ පන්දු යවන්නන්ගේ අඩුව කැපී පෙනුනා. කෙසේ වෙතත්, දුනිත් වෙල්ලාලගේ සිය ඕවර 4 තුළ එක් කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 26ක් පමණක් ලබා දෙමින්.

    මෙම තරගය කණ්ඩායම් දෙකටම වටිනා අවස්ථාවක් වූයේ ප්‍රධාන තරඟාවලියට පෙර ඔවුන්ගේ උපාය මාර්ග මනාව සකස් කර ගැනීම සඳහායි. නෙදර්ලන්තයට මෙම ජයග්‍රහණයෙන් විශාල මානසික විශ්වාසයක් ගොඩනැගෙනු ඇත, ශ්‍රී ලංකාව ඉදිරි තීරණාත්මක තරඟ සඳහා ඔවුන්ගේ සැලැසුම් සකස්කර ගනු ඇත. ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ පුහුණු තරගය අයර්ලන්තය සමග ලව්ඩහිල් හිදී අනිද්දා පැවැත්වීමට නියමිතයි.

    ශ්‍රී ලංකා පිතිකරණය

    1. පැතුම් නිස්සංක 05 (03)
    2. කුසල් මෙන්ඩිස් 04 (09)
    3. කමිදු මෙන්ඩිස් 05 (08)
    4. ධනන්ජය දි සිල්වා 31 (22)
    5. චරිත් අසලංක 12 (06)
    6. ඇන්ජලෝ මැතිවුස් 15 (17)
    7. වනිදු හසරංග 43 (15)
    8. දසුන් ශානක 35* (20)
    9. දුනිත් වෙල්ලාලගේ 07 (11)

    ශ්‍රී ලංකා පන්දු යැවීම

    1. නුවන් තුශාර 4-0-48-1
    2. දිල්ෂාන් මධුෂංක 4-0-39-2
    3. දුනිත් වෙල්ලාලගේ 4-0-26-1
    4. ඇන්ජලෝ මැතිවුස් 2-0-20-1
    5. දසුන් ශානක 2-0-12-0
    6. චරිත් අසලංක 1-0-5-0
    7. ධනංජයද සිල්වා 1-0-16-0
    8. කමිදු මෙන්ඩිස් 2-0-15-0

    Latest News