ශ්‍රීපාද වන්දනා සමය අවසන්

මැයි 25, 2024

    ශ්‍රී පාද වන්දනා සමය අවසන් කරමින් උඩමලුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ, පැල්මඩුල්ල රාජමහා විහාරස්ථානය දක්වා මාර්ග 4 ක් ඔස්සේ ඊයේ වැඩම කරවනු ලැබුවා.

    ඒ, පලාබද්දල, කුරුවිට, නල්ලතන්නිය සහ බගවන්තලාව යන මාර්ග ඔස්සේයි. එම දේවාභරණ පැල්මඩුල්ල රාජමහා විහාරස්ථානයේ තැන්පත් කර තබා, අද සවස ගල්පොත්තාවෙල රාජමහා විහාරය දක්වා වැඩම කර වීමට නියමිතයි.

    Latest News