නිවාස 100ක් සුන් කළ නායයාම

මැයි 25, 2024
    පැපුවා නිව් ගිනියාවේ නාය අනතුරකින් නිවාස සියයකට අධික සංඛ්යා වක් මුළුමණින්ම විනාශ වී තිබෙනවා.
    මරණ රැසක් සිදුව ඇති බවටයි, සැක කෙරෙන්නේ.
    පැපුවා නිව් ගිනියාවේ දුෂ්කර ගම්මාන 6කට මෙම නාය අනතුර බලපා තිබෙනවා.
    එග්නා ප්රාමන්ත ආණ්ඩුකාරවරයා පවසන්නේ, මෙම නායයෑම පෙර නොවූ විරූ ව්යාසනයක් බවයි.
    පස්කන්ද කඩා වැටීමෙන් විනාශ වූ නිවෙස් තුළ සිරව ඇති පිරිස් ගලවා ගැනීම සඳහා මේවන විටත් සහන සේවා කණ්ඩායම් සහ ආරක්ෂක අංශ යුහුසුළුව ක්රි යාකරමින් සිටිනවා.
    බලධාරීන් පවසන්නේ, අනතුරේ ස්වභාවය අනුව මරණ සංඛ්යාාව කොපමණවේ දැයි නිෂ්චිතව කිව නොහැකි බවයි. සිදු වූ දේපල හානි පිළිබඳව ද නිෂ්චිත තක්සේරුවක් කළ නොහැකි බව, ඔවුන් පෙන්වා දෙනවා.

    Latest News